ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය කල්යයි
ලබන නොවැම්බර් මස 14 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය තවත් දින 7 කින් කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව තරඟාවලියට සහභාගී වන විදෙස් ක්‍රීඩකයින්ට දින 14 ක නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීමට සිදුවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.
ඒ අනුව නොවැම්බර් මස 14 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය නොවැම්බර් මස 21 වන දා තෙක් කල් දමා තිබේ.
මෙම තත්ත්වය තුළ අයි.පී.එල් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාවක් හිමිවනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.






















