Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsසූදු ක්‍රීඩාවේ යෙදුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

සූදු ක්‍රීඩාවේ යෙදුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

සූදු ක්‍රීඩාවේ යෙදුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්

සූදු ක්‍රීඩාවේ නිරත වූ නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව  තිබේ.

ඔහු ශ්‍රී පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට පත්වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර, ගතවූ පැය 24 ක කාලය තුළ ‍ක්‍රියාත්මක කළ විශේෂ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් රැසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 

මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසළ සැකකටයුතු ලෙස හැසිරුනු පුද්ගලයින් දෙදෙනෙකු  දෙමටගොඩ පොලීසිය මගින් පරීක්ෂාකර ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 90යි මිලිග්‍රෑම් 360ක් සොයාගෙන තිබේ.

මොවුන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට පොලීසිය සැක පළ කරන අතර දෙමටගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එමෙන්ම රුපියල් ලක්ෂ 3 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් දසදහසක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 2100ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් ගල්කිස්ස පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ පස්වරුවේ දෙහිවල දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙහිවල ඕබන් සහ කවුඩාන ප්‍රදේශවල පදිංචි 25 සහ 35 යන වයස්වල පසුවන අය බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img