Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsඅග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 202 වැන්නට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස” 202 වැන්නට එක්වෙයි

අග්‍රාමාත්‍යතුමා “අමාදම් සිසිලස”  202 වැන්නට එක්වෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 202වැන්න අද 2020.10.01 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

බුදු දහමේ සිසිලස සකළ ලෝ වැසියන්ට බෙදා දීමේ උදාර අරමුණ පෙරදැරිකර පවත්වන මෙම ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශනාව පැවැත්වූයේ බලංගොඩ බෙලිහුල් ඔය අරණ්‍ය සේනාසනවාසී ත්‍රිපිටකාචාර්ය කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ විසිනි.

“මේ වගේ බණ මඩුවක මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක්වත් දකින්න නැති යුගයක් අපිට තිබුණා. මිනිස්සු පණ බයේ  ගෙයින් එළියට බහින්න බැරි, ලෙයින් මහ පොළව තෙත් වූ, වෙසක් පෝය, පොසොන් පෝය දවසේ එළියට බහින්න බැරි ඉතිහාසයක් අපිට තිබුණා.  30 වසරක මහා යුද්ධයකින් මේ රටේ සියලු ජාතීන්ගේ සමඟිය නැති වෙලා ගියා. ඒ අවාසනාවන්ත යුගය නිමා කරන්නට අපේ ජාතියේ පිනට පහල වූ පිංවත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාට එදා ජනාධිපතිතුමා හැටියට අභීත තීරණ අරගෙන, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා සමඟ එකතු වෙලා ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ සහය ඇතිව සටන් කරලා අපේ ජාතියට, අපේ රටට නිදහස ලබා දීම අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කරනවා. අඳුරු ඉතිහාසය මකා දමා ලංකා ධරණි තලය එක් සේසත් කළ පිංවත් අග්‍රාමාත්‍යතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා” යැයි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ පැවසූහ. 

අමාදම් සිසිලස ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, මැති ඇමතිවරුන්, සැදැහැවතුන් රැසක් එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img