Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsජාත්‍යන්තර වැඩිහිටි දින පණිවිඩය

ජාත්‍යන්තර වැඩිහිටි දින පණිවිඩය

ජාත්‍යන්තර වැඩිහිටි දින පණිවිඩය

ලොව පුරා වැඩිහිටියන් වෙනුවෙන් වූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබේ. ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස, මෙම දිනය අප සමරනු ලබන්නේ අනාදිමත් කාලයක් පුරා අප රැකගෙන ආ වටිනා ගුණධර්මයන් ලෝකයට පිළිබිඔු කරමිනි.

මාපිය උපස්ථානය අනාදිමත් කාලයක සිටම අප සංස්කෘතියේ සුවිශේෂී අංගයක්ව පවතී. අපේ ආර්ථිකය, සංස්කෘතිය හා සාරධර්ම පෝෂණය කළ වැඩිහිටි ප්‍රජාව පිළිබඳ ලොව අන් කිසිඳුසමාජයකට නොදෙවෙනි ගෞරවයක් හා ආදරයක් ශ්‍රී ලාංකිකයින් වනඅප සතුවේ. 

එදා පවුල මුල් කරගත් දැවැන්ත වගකීම් සම්භාරයක් අද ජීවිතයේ සැදෑ සමය ගෙවන වැඩිහිටියන් සතු විය. එදා ඔවුන් ගත් යහපත් තීන්දු තිරණ නිසා දරුවන්ගේ ජීවිතය ආලෝකමත් විය. ජීවිතය තුළින් ඔවුන් උපයා ගත් දෑ බොහෝය. එසේම සමාජය වෙනුවෙන් උපරිම කැපවීමෙන් දායකත්වය ලබා දුන් ඔවුන්ට ආදරය, ආරක්ෂාව,ඇගයීම ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත අත්දැකීම් දැනුම සහ කුසලතා තවදුරටත් සමාජ ප්‍රගමනය වෙනුවෙන් දායක කරගැනීම අපගේ වගකීමකි.

2020 වර්ෂය වැඩිහිටි පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයේ 30 වන සංවත්සරය සනිටුහන් කරයි.කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමඟ ලොව පුරා කැලඹීමක් මතුව ඇති යුගයක, වසංගත රෝග පැතිරීමේදී වැඩිහිටියන් මුහුණ දෙන ඉහළ අවදානම් සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම අපි රජයක් ලෙස ක්‍රියාත්මක කරන්නෙමු.

ඒසේම, වැඩිහිටි ප්‍රජාවගේ නිදහස හා රැකවරණය සේම ආත්මාභිමානය ආරක්ෂ කිරීම අප සතු යුතුකමකි. ඔවුන්ගේ  දිවිය තුළ කළ කැපකිරීම් කිසිවිටෙක අපට ගණනය කළ නොහැක. මන්ද,අද අප සංස්කෘතිය හා සාරධර්මවල ලබා ඇති දියුණුව කෘතවේදීව ආවර්ජනය  කිරීම ඔවුනට දැක්විය හැකි උසස්ම ගෞරවයයි.

ආදරණීය දෙමාපියන් වැඩිහිටි නිවාසවල වියපත් වීමට ඉඩ ලබා නොදෙන ආකල්පමය වෙනසක් ඇති කිරීමට මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී අප අත්වැල් බැද ගනිමු!

ආදරණීය අම්මේ, තාත්තේ ඔබට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img