Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsශිෂ්‍යත්ව අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක්

ශිෂ්‍යත්ව අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක්

ශිෂ්‍යත්ව අපේක්ෂකයින් සඳහා විභාග ප්‍රවේශ පත්‍රයක්

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ සියලු විභාග අපේක්ෂකයින් සඳහා ප්‍රථමවරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබේ.

මේ වනවිටත් එම විභාග ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙත යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම විභාග ප්‍රවේශ පත්‍රයෙහි විභාග අංකය සහ අයදුම්කරු විභාගයට පෙනී සිටිය යුතු විභාග මධ්‍යස්ථානය සඳහන් කර ඇත. 

එමෙන් ම මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලු ම විභාග අපේක්ෂකයින් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අනුමත කරන ලද ජාතික ශිෂ්‍ය අනන්‍යතාව ද දක්වා තිබේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 11 වැනි ඉරිදා පැවැත්වීමට නියමිතව ඇත.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2936ක දී මෙවර ශිෂ්‍යත්ව  විභාගය පැවැත්වීමට නියමිත ව ඇති අතර, සිසුන් 331,694 දෙනෙක් විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත ය. 

මේ අතර සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 248,072ක් ද දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 83,622ක් ද සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img