22කුට දිවි අහිමි කළ ගුවන් අනතුර
යුක්ක්‍රේනයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙක් මිය ගොස් තිබේ.
ඉන් වැඩි පිරිසක් ගුවන් ශිෂ්‍ය භටයින් බව වාර්තා වේ.
කාර්කිව් ගුවන් හමුදා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භටයින් සමග පුහුණුවීම් සිදුකරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අනතුරට ලක්වන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 27 දෙනෙකු ගමන් කර ඇති බව සඳහන් වේ.
අනතුරෙන් පුද්ලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර අතුරුදන් වූ පුද්ගලයින් තිදෙනෙකු සොයා මෙයෙහුම් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කළේය.






















