Miss Sherlock හි රඟපෑ නිළිය සියදිවි හානිකර ගනී
ජනාදරයට ලක්ව සිටි ජපාන නිළියක් වූ යූකෝ ටකියුචි සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වේ.
ඇයගේ සිරුර ටෝකියෝ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවසේ තිබියදී හමු වී තිබේ.
40 හැවිරිදි වියේ පසුවූ ඇය, දෙදරු මවකි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයා වූ ටයිකී නකබයාෂි ට ඔවුන්ගේ නිවසේ තිබී ඇයගේ මළ සිරුර හමුවී තිබේ.
1998 දී තිරගත වූ, ජපාන චිත්රපටයක් වූ Ringu හි ප්රධාන චරිතය රඟපෑවේ යූකෝ ටකියුචි ය.
එසේම, HBO ඔස්සේ විකාශය වූ Miss Sherlock කතා මාලවේ කාන්තා ෂර්ලොක් හෝම්ස් චරිතය රඟපෑවේ ඇය යි.






















