Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsබූවැලිකඩ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් - NBRO

බූවැලිකඩ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් – NBRO

බූවැලිකඩ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් – NBRO

මහනුවර, බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම එය කඩාවැටීමට හේතුවී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම ස්ථානයෙන් ලබාගත් සාම්පල යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයේ දී  එය හෙළි වූ බවය.

සිද්ධිය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදුකළ විමර්ශනයේ වාර්තාව ඊයේ (30) දිනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට සහ මහනුවර දිස්ත්‍රික්ක ලේකම්වරයාට භාර දී තිබේ.

පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටුණු ස්ථානයේ සුන්බුන් ඉවත්කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

එම ස්ථානය අවට නිවාස පහක නිවැසියන්ට ඉන් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීටපෙර දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ එමස්ථානයේ නායයාමේ කිසිදු අවදානම් තත්ත්වයක් නොමැති බවය.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ඇති මෙවැනි අවදානම් තත්ත්වයේ ගොඩනැගිලි සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මධ්‍යම පළාත් ආණඩුකාරවරයාගේ උපදෙස් පරිදි වි‍ශේෂ වැඩපිළිවළක් ආරම්භකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img