ඕමානයේ සිට පැමිණි දෙදෙනෙකුට කොවිඩ්
මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.
ඕමානයේ සිට මෙරටට පැමිණි නිරෝධායන සඳහා යොමු කර සිටි පුද්ගලයින් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස අද (01) දිනයේ හඳුනා ගැණුනු බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ්-19න් ආසාදිතයින් සංඛ්‍යාව 3382 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් ඉන් 3233 දෙනෙකු මේ වන විටත් පූර්ණ සුවය ලබා ඇත.






















