Tuesday, April 28, 2026
HomeNEWSLatest Newsපාළුවට ගිය දොළුකන්ද

පාළුවට ගිය දොළුකන්ද

පාළුවට ගිය දොළුකන්ද

වසර 15ට පෙර ජනතාවගෙන් පිරී ඉතිරී ගිය දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ අද පවතින්නේ දැඩි පාළු ස්වභාවයකි.

පාර්ශව කිසිවෙකුගේ අවධානයට ලක්නොවීම මීට හේතුව බව දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි පවසති. 

දොළුකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙය.

කලකට පෙර මෙරට ජනතාව වැල නොකැඩී මෙම සේනාසනයට පැමිණි බව විහාරාධිපති හිමියන් පැවසීය.

ඒ දොළුකන්දේ ජලය පානය කිරීමෙන් ලෙඩ රෝග සුව වන බවට විශ්වාස කරමිනි.

නමුත්, අද වන විට දොළුකන්දේ පවතින්නේ පාළු ස්වභාවයකි.

චතුර අල්විස් – ලෙඩ රෝග සුවකරන්න ආපු පිරිස් ඇයි දැන් එන්නේ නැත්තේ ?

දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “දොළුකන්ද ගැන මිනිස්සු ගැන කතා විශ්වාස කරන්නේ ජනමාධ්‍යයෙන් කරපු විකෘතිය නිසා“.

චතුර අල්විස් – තාම පිරිත් කරනව ද ?

දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “නැහැ. ඒ කටයුත්ත අවසන් වෙලා දැන් අවුරුදු 15ක්. මම මේ සේනාසනයේ වැඩ භාර ගන්නේ 2010,“ 

චතුර අල්විස් – ඔබ වහන්සේ මෙහෙට වැඩම කරද්දි කවුරුත් මෙහෙ වාසය කළේ නැද්ද?

දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “දෙනමක් හිටියා. අපි දානේ පිළියෙල කරගත්තා. දායක සභාවක්වත් තිබුණේ නැහැ,“

චතුර අල්විස් – මේ පිරිත් පැන් දීපු තැන. අද විනාශ වෙලා. 

දොළුකන්ද ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍යවාසී පූජ්‍ය වේදිනියේ නන්දසීල හිමි – “මේ පින්බිම නැවත ගොඩනගන්න එකතුවෙන්න,“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img