එම්ටී නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ලැබිය යුතු වන්දි ගැන නීතිපතිගෙන් නිවේදනයක්
ඉකුත් දා ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ “එම්.ටී නිව් ඩයමන්ඩ්“ නෞකාව හේතුවෙන් ඇති වූ සමුද්‍ර දූෂණය පිළිබඳ හිමිකම් ඉල්ලීමට අදාළ සාකච්ඡා තවමත් සිදුකළ නොමැති බව නීතිපතිවරයා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දී තිබේ.
නීතිපතිවරයා සඳහන් කර සිටියේ, අනෙකුත් ගෙවීම් ද, මෙතෙක් සිදුකළ නොමැති බවය.






















