Saturday, November 14, 2026
HomeNEWSඅග්‍රාමාත්‍යතුමා අභයාරාම විහාරාධිපති නාහිමියන්ගේ සුවදුක් විමසයි

අග්‍රාමාත්‍යතුමා අභයාරාම විහාරාධිපති නාහිමියන්ගේ සුවදුක් විමසයි

අග්‍රාමාත්‍යතුමා අභයාරාම විහාරාධිපති නාහිමියන්ගේ සුවදුක් විමසයි 

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්දනාහිමි බැහැ දැකීමට ඊයේ 2020.10.01 දින විහාරස්ථානයට ගිය  ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවේය.

රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මෙහිදී අග්‍රාමාත්‍යතුමාට අනුශාසනා කළහ.

විහාරස්ථානයට පැමිණි සැදැහැවතුන්  හා දරුවන් සමඟ ද සුහද කතා බහක නිරත වූ අග්‍රාමාත්‍යතුමා තමන් සමඟ ඡායාරූප ගැනීමට  දරුවන්ට ඉඩ ලබා දුන්නේය.

මෙම අවස්ථාවේදී කුඩා දරුවෙක්  ගරු අග්‍රමාත්‍යතුමා හමු වී තමන්ට නිවසක් නොමැති බව පවසා ලිපියක් ඉදිරිපත් කළේය. 

පසුව දරුවාගේ මව කැඳවා නිවාස ගැටලුව විමසූ අග්‍රාමාත්‍යතුමා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා හමු වන්නැයි උපදෙස් දී දරුවාට නිවසක් ලබා දීමට පොරොන්දු විය. 

මෙම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරු හා සැදැහැවතුන් රැසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img