Thursday, April 16, 2026
HomeNEWSLatest Newsපරිසර වාර්තා නොගත් කැලණි ගඟ දෙපස කර්මාන්ත ශාලා ගැන විමර්ශන ඇරඹේ

පරිසර වාර්තා නොගත් කැලණි ගඟ දෙපස කර්මාන්ත ශාලා ගැන විමර්ශන ඇරඹේ

පරිසර වාර්තා නොගත් කැලණි ගඟ දෙපස කර්මාන්ත ශාලා ගැන විමර්ශන ඇරඹේ

කැලණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පසුගියදා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී කැලණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්තශාලා 4000ක් පමණ පවතින බවට අනාවරණය විය.

ඒ අනුව අදාළ කර්මාන්තශාලා සම්බන්ධයෙන් සොයාබැලීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා කැලණි ගඟ දෙපස කර්මාන්තශාලා 7000 ක් පමණ ඇති අතර ඉන් පරිසර වාර්තා ලබාගෙන ඉදිකර ඇත්තේ කර්මාන්තශාලා 3000 ක පමණ ප්‍රමාණයක් බවට අනාවරණය වී ඇත.

කොළඹ නගරයට ජලය සපයන ප්‍රධානතම ගංගා මූලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍ර  වුවහොත් පානීය ජලය සපයා ගැනීමේදී ඉදිරියේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බව සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ කර්මාන්තශාලා මඟින් නිකුත් කරන අපද්‍රව්‍ය හේතුවෙන් කැලණි ගඟ අපවිත්‍ර  වීමේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම කර්මාන්තශාලාවලින් බැහැර කරන අපජලය බැහැර කිරීමේ ක්‍රියාවලිය ද වහාම අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img