Thursday, September 3, 2026
HomeNEWSLatest NewsARMY COMMANDERS LEAGUE සඳුදා ඇරඹේ

ARMY COMMANDERS LEAGUE සඳුදා ඇරඹේ

ARMY COMMANDERS LEAGUE සඳුදා ඇරඹේ

ARMY COMMANDER’S LEAGUE ක්‍රිකට් තරගාවලියක් මෙරටදී පළමු වරට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ඊයේ (02) කොළඹදී පැවැත් විය.

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් පැවැත් වෙන ARMY COMMANDER’S LEAGUE ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුව විසින් සංවිධානය කරනු ලබයි.

ඒ අනුව මෙම තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වී ඔක්තෝබර් 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

නොදන් වොරියස්, ඊස්ටන් වොරියස්, සදන් වොරියස් සහ වෙස්ටර් වොරියස් ලෙස කණ්ඩායම් 4 නම් කර තිබේ.

නොදන් වොරියස් කණ්ඩායමේ නායකත්වය සීක්කුගේ ප්‍රසන්නට හිමිව ඇති අතර දිනේෂ් චන්දිමාල් විසින් සදන් වොරියස් කණ්ඩායමේ නායකත්වය දරයි.

ඊස්ටන් වොරියස් කණ්ඩායමේ නායකත්වය අසේල ගුණරත්න විසින් දරන අතර වෙස්ටර් වොරියස් කණ්ඩායමේ නායක ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරාය.

ඒ අනුව තරගාවලියේ සියලු තරග හොරණ දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී සහ සාලියපුර ගජබා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් රැසක් එක්වීමට නියමිත බවද ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img