ජනපති ගමින් ගමට ගොස් ජනතා ගැටලු විසඳීම හොඳ ප්‍රවණතාවයක් -ආදිවාසී නායක
ජනාධිපතිවරයා විසින් ගමින් ගමට ගොස් ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීම ඉතා හොද ප්‍රවණතාවයක් බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසයි.
ආදිවාසි නායකයා පෙන්වාදෙන්නේ මෙය දීර්ඝකාලීනව සිදුකරන්නේ නම් එය රටට ඉතා වැඩදායී තත්ත්වයක් බවය.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඌරුවරිගේ වන්නිලඇත්තන් මේ බව සඳහන් කළේය.






















