Saturday, November 14, 2026
HomeNEWSLatest Newsමහත්මා ගාන්ධිතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යතුමා එක් වෙයි

මහත්මා ගාන්ධිතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යතුමා එක් වෙයි

මහත්මා ගාන්ධිතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යතුමා එක් වෙයි

මහත්මා ගාන්ධිතුමන්ගේ 151 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගරුඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ඊයේ 2020.10.02 දිනඅරලියගහ මන්දිරයේදී එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.

ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන මහත්මාගාන්ධිතුමන් ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන්මඅවිහිංසාවාදයේ පියා ලෙසින් නම් දරයි. අවිහිංසා වාදය පිළිබඳ සංකල්පය ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකය පුරා ප්‍රචලිත කිරීමටද එතුමා කටයුතු කළේය. 

වර්ෂ 1927 දී ශ්‍රී ලංකාවට පැමිණි මහත්මා ගාන්ධිතුමන් සති කීපයක්දිවයිනේ සංචාරය කර ඇති අතර, කොළඹ ආනන්ද විද්‍යාලයේ බුදු දහම පිළිබඳ දේශනයන් පවත්වා ඇත.

ගාල්ලේ මහින්ද විද්‍යාලය ඇතුළුව දිවයින පුරා ස්ථාන කිහිපයක දේශන පවත්වා ඇති එතුමා, කොළඹ, මහනුවර, මාතලේ, කුරුණෑගල, හලාවත, බදුල්ල, නුවරඑළිය, මොරටුව, පානදුර, හොරණ, කළුතර, බලපිටිය, ගාල්ල, මාතර, අක්මීමන සහ යාපනය ඇතුළු බොහෝ නගරවල සංචාරයකර තිබේ.

මහත්මා ගාන්ධිතුමන් උපත ලැබුවේ 1869 ඔක්තෝබර් 2 වන දින වයඹඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන මහත්වරු හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img