Saturday, November 14, 2026
HomeNEWSCOVID-19දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමෙන් පසු බලධාරීන් ගත් පියවර කිහිපයක්

දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමෙන් පසු බලධාරීන් ගත් පියවර කිහිපයක්

දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනාගැනීමෙන් පසු බලධාරීන් ගත් පියවර කිහිපයක්

දිවුලපිටියේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පියවර ගැනිණි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඇයට කොවිඩ් ආසාදනය වූයේ කුමන නියැඳීයක, කුමන පාර්ශ්වකින්ද යන්න තවමත් අනාවරණ කරගෙන නොමැති බවය.

අදාළ කාන්තාව සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් 756 දෙනකු දැනටමත් නිරෝධායනයට යොමුකර තිබේ.

දිවුලපිටිය හොරගස්මුල්ල බෝඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (02) හඳුනාගැනිණි.

ඒ, එම කාන්තාව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් සැප්තැම්බර් 30 වැනිදා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සුවවී පිටව යන අවස්ථාවේ සිදුකළ පීසීආර් පරීක්ෂණයේදීය.

ඒ අනුව ඇයව ඊයේ රාත්‍රියේම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබේ.

එහිදී නැවත වරක් සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන්ද ඇය කොවිඩ් ආසාදිතයෙකු යැයි තහවුරු වූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

අදාළ කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කළ අයෙකු වන අතර ඇයගේ සැමියා ත්‍රීරෝද රථ රියදුරෙකි.

ඒ අනුව එම කාන්තාවගේ පවුලේ සාමාජිකයින් ඇතුළු සමීපතම ආශ්‍රිතයින් 06 දෙනෙකු වහාම යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදුකර ඇත.

අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් ඇඟලුම් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 40 දෙනෙකු සහ ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඇයගේ ආශ්‍රිතයින් 400දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරය එම කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවකයින් වේ.

මේ අනුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම සේවකයින් දැනුම්වත් කර ඔවුන්ව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට අද (04) පියවර ගෙන තිබේ.

මේ අතර, දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිත බව හඳුනාගැනීමෙන් පසුව, උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු පාසැල්වල දෙවන වාර නිවාඩුව හෙටින් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

මීට පෙර දෙවන පාසල් වාර නිවාඩුව ආරම්භ වීමට නියමිතව තිබුණේ එළැඹෙන සිකුරාදා සිටය.

මෙවන් තත්ත්වයක් උද්ගතව ඇත්තේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භ කිරීමටත් නියමිතව තිබියදීය.

එමෙන්ම සියලුම පිරිවෙන් සහ සීලමාතා ආයතනවල දෙවැනි වාර නිවාඩුවද හෙට (05) සිට ඇරඹෙන අතර අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් හා චක්‍රලේඛ ප්‍රකාරව එම ආයතන නැවත ඇරඹෙන දිනය තීරණය කෙරෙනු ඇති.

මේ අතර සියලුම පෙර පාසැල් සඳහාද නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img