ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව
මේ වන විට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සැපයෙන ඇතැම් ආයතන විවෘත කර තැබීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ අද (09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා සතොස, ඖෂධ සැල්, සුපිරි වෙළෙද සැල්, මත්ස්‍ය අලෙවි සැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර ලබා දි ඇති බවය.
කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ළඟම පවතින වෙළෙදසැල වෙත ගොස් අදාළ භාණ්ඩ මිලදී ගැනීමට ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට හැකියාව පවතී.
එක් නිවසකින් එක් අයෙකු පමණක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත යාම යෝග්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඊට පරිභාහිරව කටයුතු කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.






















