Friday, September 4, 2026
HomeNEWSLatest Newsකියුබානු තානාපතිනිය සහ ජානිපෙ නායක ඇමති විමල් අතර හමුව

කියුබානු තානාපතිනිය සහ ජානිපෙ නායක ඇමති විමල් අතර හමුව

කියුබානු තානාපතිනිය සහ ජානිපෙ නායක ඇමති විමල් අතර හමුව

‘චේ’ ශ්‍රී ලංකාවට සපැමිණ, වසර 61ක් සපිරුණු දා කියුබානු තානාපතිනිය සහ ජානිපෙ නායක ඇමති විමල් අතර හමුවක්!

අසහාය විප්ලවීය නායක එමෙන්ම සමාජවාදී කියුබාවේ ප්‍රථම කර්මාන්ත අමාත්‍ය ධුරය හෙබවූ චේ ගුවේරා සහෝදරයා ශ්‍රී ලංකාවට සපැමිණ අදට (2020 ඔක්තෝබර් 8) වසර හැටඑකක් සපිරුණු බවත් එවන් දිනයක තම රටෙහි ඉතා සමීප මිත්‍රයෙකු වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍ය ධුරය දරමින් සිටියදී ඔහු හමුවීමට ලැබීම තම ඉමහත් සතුටට කරුණක් වූ බවත් ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි, ජුවානා එලේනා රාමොස් රොඩ්රිගුවේස් මහත්මිය පැවසුවාය.

අද (08) කොල්ලුපිටිය, ගාලු පාර, 73/1, ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ජානිපෙ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ පැවැති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවේ දී ඒ මහත්මිය එසේ පැවසුවාය.

චේ ගුවේරා සහෝදරයා කියුබාවේ කර්මාන්ත ක්ෂේත්‍රය ගොඩනැඟීම සඳහා ඉටු කළ යුග මෙහෙවර බඳු යුග මෙහෙවරක් ශ්‍රී ලංකාව තුළ ඉටුකිරීමට විමල් වීරවංශ මහතාට ද හැකිවනු ඇති බවට කියුබානු තානාපතිනිය විශ්වාසය පළ කළාය.

ඇමරිකාව වැනි ලෝක බලවතුන් කොරෝනා වසංගතය හමුවේ අසරණව ඇති මොහොතක සමාජවාදී කියුබාව ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මුවවිටෙහි සිටිමින් ඊට සාර්ථකව මුහුණදීම පැසසුම් කටයුතු බව පැවසූ විමල් වීරවංශ මහතා ශ්‍රී ලංකාව ද කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දීමට සමත්ව ඇති බව ද සඳහන් කළේය. තම රටේ ජනතාව කෙරෙහි විශ්වාසය තබමින් දේශීය නිෂ්පාදනයන්ට ඔවුන් යොමු කරවමින් චේ ගුවේරා සහෝදරයා කියුබාව තුළ කර්මාන්ත ක්ෂේත්‍රයෙහි සිදු කළ විප්ලවීය වෙනස තමන් අධ්‍යයනය කළ බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය. ශ්‍රී ලංකාවේ ද එවන් වෙනසකට පාර කැපීම තම අභිලාෂය බව පැවසූ වීරවංශ අමාත්‍යවරයා ඒ සඳහා සමාජවාදී කියුබාවෙන් මෙලෙස ලැබෙන දිරිගැන්වීම අගය කරන බවත් වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් රාවුල් ෆිගේරා, ශ්‍රී ලංකාවේ බ‌ොලිවේරියානු සහයෝගිතා ව්‍යාපාරයේ සම්බන්ධීකරණ ලේකම් ජීවන්ත ජයතිස්ස හා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img