Friday, September 4, 2026
HomeNEWSLatest Newsසාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි

සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි

සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දෙයි

සෞභාග්‍යයේ දැක්ම යටතේ සාගර විශ්වවිද්‍යාලයේ ධීවර, සමුද්‍රීය හා නාවික ඉංජිනේරු ක්ෂේත්‍රවල වෘත්තීය හා අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.08 දින උපදෙස් දුන්නේය.

සාගර විශ්වවිද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාළව අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය. 

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමැටියාන ප්‍රදේශයේ ස්ථාපිත කොට, සංවර්ධනය කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යතුමා එහි තාක්ෂණික පීඨය දැනට පවත්වාගෙන යනමට්ටක්කුලිය ප්‍රදේශයේ එම භූමිය කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නැයි අවධාරණය කළේය.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ස්ථාපිත වූයේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මතය.එතුමා ආරම්භ කරන ලද ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය 2014 අංක 31 දරණ පනත මඟින් නිල වශයෙන් විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. 

ඊට සමඟාමීව කලමැටියාන ප්‍රදේශයේ භූමියක් ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය ඉදි කිරීම වෙනුවෙන් තමන් ධීවර ඇමතිවරයාව සිටි සමයේ ලබා දුන්නද, පසුගිය ආණ්ඩුවල ධීවර අමාත්‍යවරුන් විසින් සාගර විශ්වවිද්‍යාලය ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගෙන යාමට උත්සහ කිරීමෙන් එහි සංවර්ධනය මුළුමනින්ම ඇණ හිටි බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

උපාධි පාඨමාලා සහ වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වාගෙන යාමට විද්‍යාගාර, දේශන ශාලා, වැඩහල්, ක්‍රීඩාගාර, මෙන්ම මානව සම්පත්වල අවශ්‍යතාව ඇති බව සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා මෙහිදී  අග්‍රාමාත්‍යතුමාට පෙන්වා දුන්නේය.

සීමිත ඉඩ පහසුකම් යටතේ පවත්වාගෙන යන වෘත්තීය හා උපාධි පාඨමාලා පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යතුමා එම දුෂ්කරතා අවම කිරීම සඳහා වහාම පියවර ගන්නැයි අදාළ අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ට මෙහිදී උපදෙස් දුන්නේය.

රජයේ නව දැක්ම යටතේ ධීවර, සමුද්‍රීය කටයුතු, නාවික ඉංජිනේරු හා නාවික විද්‍යා ක්ෂේත්‍රයේ නිපුණ ශ්‍රමිකයන් සහ වෘත්තිකයන් දේශීය සහ විදේශීය වෙළෙඳපොළට සැපයීම ඉලක්ක කර ගත යුතු යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස්, රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන, නිපුනතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නලීන් රත්නායක මහත්ම මහත්මීන් ඇතුළු සාගර විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.

පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.අද(04) පෙරවරු 9.00ට...

බය නම් එන්නෙ නෑ.. ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම්-නාමල් රාජපක්ෂ

පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්.බය නම් අපි එන්නෙ නෑ...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරුවේ පැමිණ තිබුණි. එහිදී අල්ලස් කොමිසම විසින් ඒ මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img