Saturday, September 5, 2026
HomeNEWSLatest Newsජාත්‍යන්තර තැපැල් දින පණිවිඩය

ජාත්‍යන්තර තැපැල් දින පණිවිඩය

ජාත්‍යන්තර තැපැල් දින පණිවිඩය

වර්ෂ 1874 ඔක්තෝබර් 09 වැනිදා ඓතිහාසික බර්න් ගිවිසුම අත්සන් කරමින් ආරම්භ කළ ජෙනරල් පෝස්ට් යූනියන් (General Postal Union) සංවිධානය වර්ෂ 1878 දී විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) බවට පරිවර්තනය විය.

ලෝක සමුළුවක් වශයෙන් 1874 දී තැපැල් සංගමය නිර්මාණය වීමත් සමඟ ඊටම ආවේනික වූ දිනයක් නොමැති අඩුපාඩුව කැපී පෙනෙන්නට විය. ඒ නිසාවෙන් බර්න් ගිවිසුම අත්සන් කළ ඔක්තෝබර් 09 වැනිදා විශ්ව තැපැල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට,1969 දී ටෝකියෝ නගරයේ පැවැති ලෝක සමුළුවේ දී තීරණය කෙරිණි. වර්ෂ 1984 දී හැම්බර්ග් සමුළුව විශ්ව තැපැල් දිනය ලෝක තැපැල් දිනය (World Post Day) වශයෙන් නම් කළේය.

1798 දී ලන්දේසීන් තම පාලන කාලය තුළ මුහුදුබඩ පළාත්වල මුල්ම තැපැල් කාර්යාල පිහිටුවීම සහ 1799 දී මුල්වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සමඟ ආරම්භ වූ ශ්‍රී ලංකා තැපෑලට සියවස් දෙකකට අධික දීර්ඝ ඉතිහාසයක් ඇත.

තාක්ෂණික හෝ මූල්‍යමය සීමාවන් රහිතව වඩාත් සමීපව හා දැරිය හැකි මිලකට සන්නිවේදන සේවාවන් ලබා දෙන තැපැල් සේවය කෙරෙහි තවමත් බහුතර ජනතාවගේ විස්වාසය පවතී. ශ්‍රී ලංකා තැපැල් සේවය ගත් කල ජනතාවට සිදු කෙරන සේවය සුළුපටු නොවේ. 

වසරින් වසර පුළුල් වන තැපැල් සේවය මඟින් ලෝකයේ විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාව අතර සන්නිවේදනයක් පමණක් නොව භාණ්ඩ ප්‍රවාහනය ද සිදු වේ. විවිධ ආයතනයන් හා ඒකාබද්ධ වෙමින් ජනතාවට අවශ්‍ය සේවාවන් තැපෑල මඟින් සැපයීම මෙන්ම, නව තාක්ෂණික දැනුම ඔස්සේ වඩාත් ඵලදායි සේවාවන් රැසක් මහනජතාව වෙත ලබා දීමට කටයුතු කිරීම කාලෝචිත ක්‍රියාවකි. 

ඊ-වානිජ්‍යය (e-commerce), B- Post යනාදී ක්‍රමයන් ඔස්සේ විදේශීය භාණ්ඩ ආරක්ෂාකාරීව මෙරටට ගෙන්වාදීමත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට හැකියාව ලබා දීමත් යනාදිය මඟින් එය දේශීය ව්‍යවසායකයින් සඳහා සපයන අත්වැල විශාලය.

මෙවැනි පසුබිමක් තුළ පවත්නා ගෝලීය ප්‍රවනතාවයන් සහ මානව අවශ්‍යතාවයන් ඉතාමත් තෘප්තිමත් අයුරින් මුදුන් පැමිණවීමට හා නූතනයට ගැලපෙන අයුරින් විවිධාංගීකරණයට ශ්‍රී ලංකා තැපෑලට හැකිවේවා’යි ලෝක තැපැල් දිනයේදී සුභාශිංසන එක් කරමි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img