රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට කොවිඩ්
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.
ඊයේ (09) දිනයේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණය මගින් ඒ බව තහවුරු වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේය.
එම සාත්තු සේවීකාව පසුගිය දා කොවිඩ් වෛරසය වැළඳි ඇති බවට තහවුරු වු බිළිඳියට ප්‍රතිකාර සිදුකළ වාර්ටුවේ සේවය කර තිබේ.






















