Friday, September 4, 2026
HomeNEWSLatest Newsඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයන්න විද්වත් කමිටුවක්

ඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයන්න විද්වත් කමිටුවක්

ඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයන්න විද්වත් කමිටුවක්

පුල්මුඬේ සිට දඹුල්ලට ගෙන එන ඛනිජවැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට වාර්තා වීම පිළිබඳව සොයන්න කර්මාන්ත ඇමති විමල්ගෙන් විද්වත් කමිටුවක්
පුල්මුඬේ සිට දඹුල්ලේ කණ්ඩලම පිහිටි පෞද්ගලික සමාගමකට ගෙන එන ඛනිජ වැලි අපද්‍රව්‍යවල විකිරණ ඇති බවට ප්‍රාමාණික විද්වතුන් අනාවරණය කර ඇති කරුණු බෙහෙවින් බරපතළ වන බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා පහත සඳහන් විද්වතුන්ගෙන් හා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා තිබේ. මෙම කමිටුවේ සාමාජිකයන් මෙසේය. 
මහාචාර්ය අතුල සේනාරත්න මහතා
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයනාංශය)

උදය සිල්වා මහතා 
(ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූ විද්‍යා අංශය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය)

මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා
එච්. එල්. අනිල් රංජිත් මහතා  
(අධ්‍යක්ෂ ජනරාල්, න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව)

බී. කේ. එම්. ජේ. රුද්‍රිගු මහත්මිය 
(ප්‍රධාන අභ්‍යන්තර විගණක, කර්මාන්ත අමාත්‍යාංශය)

ඉහත විද්වත් කමිටුව මගින් කෙටි කාලයක් තුළ අමාත්‍යවරයා වෙත නිර්දේශ ඇතුළත් වාර්තාව ලබා දෙන තුරු දඹුල්ල කණ්ඩලම පිහිටි ඉහත කී පෞද්ගලික සමාගමට, ලංකා ඛනිජවැලි සමාගමේ පුල්මුඬේ යන්ත්‍රාගාරයෙන් බැහැර කරන ඛනිජ වැලි අපද්‍රව්‍ය නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍යවරයා දැනටමත් නියෝග කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම න්‍යෂ්ටික බලශක්ති නියාමන සභාව කඩිනමින් දැනුම්වත් කර ඉහත පෞද්ගලික ආයතනයට අයත් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පවතින ඛනිජ වැලි ගඩබා කිරීමේ හා පිරිපහදු කිරීමේ ස්ථානයේ කටයුතු තාවකාලිකව නතර කිරීම සඳහා කඩිනමින් පියවර ගැනීමට ද වීරවංශ අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට අද (09) දින ලිඛිතව උපදෙස් දී තිබේ. 
ඒ හා සමාගාමීව මේ පිළිබඳව ලංකා ඛනිජ වැලි සමාගමෙන් හදිසි වාර්තාවක් කැඳවීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා පියවර ගෙන ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img