Friday, September 4, 2026
HomeNEWSCOVID-19කැලණි සරසවියේ සිසුවියකටත් කොවිඩ්

කැලණි සරසවියේ සිසුවියකටත් කොවිඩ්

කැලණි සරසවියේ සිසුවියකටත් කොවිඩ්

කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

සමාජ විද්‍යා පිඨයේ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යාපනය හදාරන සිසුවියකට මෙලෙස කොවිඩ්  -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇයගේ පියා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති බව සඳහන් වේ.

අදාළ සිසුවිය සමග සිටි තවත් සිසුවියන් දෙදෙනෙකු ද PCR පරික්ෂණයට භාජනය කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රුපසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර කොරෝනා වෛරස ආසාදිතයෙකු හඳුනාගැනුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉදිරි අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් හෙට (12) දිනයේ අවසන් තීරණයක් ගන්නා බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසයි.

එතෙක් කිසිදු සිසුවෙක් විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස ඔහු ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img