Friday, September 4, 2026
HomeNEWSLatest Newsශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරමින් ප්‍රසූති නිවාඩුව කප්පාදු...

ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරමින් ප්‍රසූති නිවාඩුව කප්පාදු කිරීම සමගි  වනිතා බලවේගය තරයේ හෙලා දකි. 

ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරමින් ප්‍රසූති නිවාඩුව කප්පාදු කිරීම සමගි  වනිතා බලවේගය තරයේ හෙලා දකි. 

පසුගිය රජය විසින් පසුගිය 2018 වසරෙහිදී ලබාදුන් සම්පූර්ණ වැටුප් සහිත සති 12 ක මාතෘ නිවාඩුව  දින 41 දක්වා කලපු කප්පාදුව තුළ ශ්‍රී ලංකාවේ වැඩිම  ශ්‍රම බලකාය වන කාන්තා පරපුරට කරනු ලබන සෞභාග්‍ය රජයේ නොසැලකිල්ල සහ නොවැදගත්කම සමස්ත වැඩ කරන කාන්තා පරපුර අවබෝධ කරගත යුතු බව අපි අවධාරණය කරමු .

මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තරව පිළිගත් සියලුම  මූල  ධර්මයන්ද නිත්‍යානුකුලව ලබාදී ඇති හිමිකම් ද උල්ලංඝනය කිරීමකි .

නිරෝගිමත් දරු පරපුරක් බිහි කිරීම සඳහා මව් කිරි දීම ලෝකය පිළිගත් නිර්ණායකයක් වන අතර එය දරුවාගේ වර්ධනයට සෘජුවම බලපෑමක් කරන්නක් බවද වෛද්‍යවරුන් පෙන්වා දී ඇත .

කොවිඩ්19 ඒ සඳහා නිත්‍ය ප්‍රතිකාරයක් සොයා ගැනීමට ක්‍රියා නොකළ අවස්‍ථාවකදී සහ එම තර්ජනය තවදුරටත් පවතින මොහොතක ගත් මෙම තීරණය දකින්නේ සෞභාග්‍යයේ ආණ්ඩුවේ ඇති දුප්පත් සහ අසංවේදී දැක්මයි .මානුෂීය මුහුණුවර සහ මානුෂීය මෙහෙයුම වැනි වචන හුදෙක් මෙම ආණ්ඩුව ප්‍රචාරාත්මක උපක්‍රම මිස ප්‍රායෝගික නොවන ක්‍රියාකාරකම් බවට හොඳම නිදසුන මෙම ක්‍රියාව බව පෙන්වා දෙමු. 

මේ මොහොතේ ‘සෞභාග්‍යයේ ආණ්ඩුව’ කළ යුතු වන්නේ යහපාලන රජය විසින්  හඳුන්වාදුන් පිතෘ  නිවාඩුව ද තවදුරටත් ශක්තිමත් කරමින් රටේ දරුවන් දැය සම්පතක් බවට පත්කිරීමට ඇති අවකාශයන් වැඩි කිරීමයි .

අහිමි කළ මාතෘ නිවාඩුව  යළි ක්‍රියාත්මක කරන ලෙසත් ගැබිනි මවුවරුන්ගේ පෝෂණය සායනික  අවශ්‍යතා  දරු ප්‍රසූතියේදී රෝහල්වල පහසුකම් සම්පාදනය පවුල් සෞඛ්‍යය උපදේශනය එම සේවාවන් හි නිරත මහජන පවුල් සෞඛ්‍යය නිලධාරිනියන්ගේ සේවා තත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව කටයුතු කරමින් යහපත් දරු පරපුරක් තුළින් අනාගත දැය ගොඩනැංවීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අපි සෞභාග්‍යය් ආණ්ඩුවට බලකර සිටිමු .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22කට එරෙහිව විපක්ෂ නායක සජිත් කොළඹදී පාරට

22 වැනි සංශෝධනය තුළින් පිළිබිඹු වන ආණ්ඩුවේ ඒකාධිපති වියරුව පරාජය කළ යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය...

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img