ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන්න – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහාමාර්ග ඉදිකිරිම් හා සංවර්ධනයට අවශ්‍ය අමුදුව්‍ය ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සදහා අදාල රාජ්‍ය ආයතන සමග සකච්ඡාවක් පසුගියදා (එනම් 2020-10-08 දින) මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුනි.
මෙහිදී ප්‍රමාදයකින් තොරව කලුගල් හා බොරළු කැපීම සදහා විධිමත් ලෙස හා කඩිනමින් බලපත්‍ර ලබා ගත හැකි ක්‍රමයක් සකස් කරන ලෙස අමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන ලදී. එමෙන්ම භූවිද්‍යා හා පතල් කාර්යාංශය, වන ජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනට හදුනාගෙන ඇති අමුද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන වල ලැයිස්තුව ලබා දී ඒ සදහා විධිමත් අනුමැතියක් ලබා ගන්නා ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.
කිලෝමීටර් ලක්ෂයේ වැඩ සටහන යටතේ මාර්ග සංවර්ධනය වේගවත් වී ඇති බවත් ඉදිරියේදී අමුද්‍රව්‍ය හිඟයක් ඇතිවීම වලක්වා ගැනීමට මෙම තීරණය ගත් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.






















