සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ වැඩිකෙරේ
දිවයිනේ සියලුම බන්ධනාගාරවල පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය උපදෙස් ලබාදී තිබේ.
බන්ධනාගාර තුළට කොවිඩ් වෛරසය ඇතුළුවීම වැළැක්වීම සහ වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා
අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත රාජ්‍ය අමාත්‍යවරිය විසින් උපදෙස්
ලබා දී ඇති බව වාර්තා වේ.
බන්ධනාගාර තුළ රැඳවියන්ට මෙන්ම නිලධාරීන්ට ද අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට
නියමිතව තිබේ.
බන්ධනාගාර තුළින් රෝගීන් හමුවුවහොත් වෛරස ව්‍යාප්තිය පාලනය කරමින් ඔවුන්ට ප්‍රතිකාර
ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ
මහත්මිය උපදෙස් ලබා දී ඇත.






















