Thursday, September 3, 2026
HomeNEWSLatest Newsපොලීසිය විග්නේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

පොලීසිය විග්නේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

පොලීසිය විග්නේෂ්වරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගනී

පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

ඊයේ (10) පස්වරුවේ සිය නිවසට පැමිණි පොලිස් නිලධාරීන් තිදෙනෙකු මෙම ප්‍රකාශය සටහන් 
කරගත් බව විග්නේෂ්වරන් මහතා පැවසීය.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින තමා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් සිදුකළ පැමිණිල්ලක් මත අදාළ ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

දෙමළ ජනතාවගේ ඉතිහාසයේ සහ මහාවංශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් තුළින් ජාතිවාදය 
ඇවිස්සෙන බවට එම පැමිණිල්ලේ සටහන් කර තිබූ බව සී.වී.විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේය.

පැයකට ආසන්න කාලයක් පොලිස් කණ්ඩායම තමන්ගෙන් අදාළ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීමක් 
සිදුකළ බව සී.වී.විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img