Thursday, September 3, 2026
HomeNEWSLatest Newsජාතික රෝහලේ සේවිකාවන්ට කොරෝනා ආසාදනය වූ හැටි හෙළිවේ

ජාතික රෝහලේ සේවිකාවන්ට කොරෝනා ආසාදනය වූ හැටි හෙළිවේ

ජාතික රෝහලේ සේවිකාවන්ට කොරෝනා ආසාදනය වූ හැටි හෙළිවේ

ජාතික රෝහලේ සේවිකාවන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ අදාළ සේවිකාවන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවය.

සේවිකාවන් තිදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජාතික රෝහලේ ශල්‍යාගාරයක් සහ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට ඊයේ (10) දිනයේ පියවර ගනු ලැබීය.

ඉදිරියේදී ප්‍රධාන කර්මාන්ත ශාලාවල අහඹු ලෙස PCR පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව ඇති බවද වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් 11 දෙනෙකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු විය.

කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු ඒ අතර වන බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේෂ් කුමාර මහතා සඳහන් කළේය.

ඔවුන් මැද මහනුවර, කටුනායක ඇවරිවත්ත, බඩල්ගම, හීනටියන, ජා ඇල, දංකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සිදුකළ PCR පරීක්ෂණ 178 කින් මෙම රෝගීන් 11 දෙනා හඳුනාගැනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img