Thursday, September 3, 2026
HomeNEWSCOVID-19ඇඟලුම් කම්හලේ දහසකට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වෙයි

ඇඟලුම් කම්හලේ දහසකට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වෙයි

ඇඟලුම් කම්හලේ දහසකට වැඩි පිරිසකට කොවිඩ් ආසාදනය වෙයි

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (11) දිනයේ වාර්තා වු නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 121 දෙනා ද සමග මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1,307ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයින් අතරින් 87දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 34දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවකයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා පවසයි.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ බවට පත්කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ කිහිපයක් සහ මන්නාරම ගම්මාන දෙකක් මෙලෙස හුදකලා ප්‍රදේශ බවට පත් කර ඇති බව සඳහන් වේ.

මේ අතර විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,752කු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් 1,432 කු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් සමස්ථ ආසාදිතයින්ගෙන් 3,307 කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 10,447 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද දිනයේ ද පුද්ගලයින් 112 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව යාමට නියමිත අතර ඒ අනුව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගිය ගණන 51,000 ඉක්මවා ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මර්ධනය කිරීමට පොලීසිය කරනු ලබන මෙහෙය ජනපතිගේ ඇගයීමට

අභිමානවත් 160 වෙනි පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලීසිය ඉතාමත් ගෞරවාන්විත සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවාශ්‍රී ලංකා පොලීසිය ඉතාමත්...

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img