කොවිඩ් ආසාදිතයින් අතර වෛද්‍යවරු තිදෙනෙක්
හඳුනාගැනුණු ආසාදිතයින් අතරින් තිදෙනෙකු වෛද්‍යවරුන් වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඊයේ (11) දිනයේ දී ආසාදිතයින් ලෙස හඳුනා ගත් මොවුන් කෑගල්ල මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් තිදෙනෙකු බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අතර අද උදෑසන “දෙරණ අරුණ“ සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, ඊයේ දිනයේ හමුවු බොහෝ ආසාදිතයින් මේ වන විටත් නිරෝධායන මධයස්ථානයේ සිටින අය බවය.
“ඇඟලුම් කම්හල හා සම්බන්ධ 1307 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර තිබෙනවා. ඉන් 1036ක් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන්. ඉතිරි 231ක් වැනි පිරිසක් පවුල්වල හා ආශ්‍රිතයින්. ඊයේ දිනයේ දී හමුවු බොහෝ පිරිස් මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් ඉන්නකොට තමයි පීසීආර් පරීක්ෂණ ලැබෙන්නේ. සාමාන්‍යයෙන් මේ දින 6ට පමණක්. 24,878ක් පීසීආර් පරීක්ෂණ සිදුකරලා තියෙනවා. ඒ කියන්නේ දිනකට සාමාන්‍යයෙන් 5000කට ආසන්න සංඛ්‍යාවක් පීසීආර් පරීක්ෂණ කරලා තියෙනවා. ඊයේ දිනයේ වාර්තා වු බහුතරයක්ම වාර්තා වෙන්නේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින්. ඒ නිසා අපි බලන්න ඕනේ මේ ලැබෙන සංඛ්‍යා ඉතාම වැදගත් වෙනවා. ඒවා විශ්ලේෂණය කරලා ජනාධිපතිවරයා යටතේ කාර්ය සාධක බලකාය විටින් විට හමුවෙනවා. දිනපතා ජනාධිපතිවරයා මේ ගැන සාකච්ඡා කරනවා. මෙය විශ්ලේෂණය කරලා වහගෙන ඉන්න කිසිසේත්ම බලාපොරොත්තුවක් නෑ. හැකි ඉක්මනින් විවෘත කරන්න තමයි බලාපොරොත්තුව. ඉදිරි දින දෙක තුළ කිසිසේත්ම අරින්න පුළුවන් බවක් අපි දකින්නේ නැහැ. නමුත් මේ විශ්ලේෂණය අනුව අපි දකිනවා නිරෝධායන ඇඳිරි නීතිය දාලා තියෙන ඇතැම් ප්‍රදේශවල යම් අඩුවක්. එහෙම වුණොත් හෙට හෝ අනිද්දා විවෘත කරන්න හැකියාවක් තිබෙනවා සමහර පොලිස් බලප්‍රදේශ“ යනුවෙන් යුද හමුදාතිවරයා මෙහිදී කියාසිටියේය.






















