Thursday, September 3, 2026
HomeNEWSLatest Newsතමන්ගේ ආරක්ෂාව ගැන නිතරම සිතිය යුතුයි. තමන් ආරක්ෂා උනොත් තවත් ලක්ෂ ගණනක්...

තමන්ගේ ආරක්ෂාව ගැන නිතරම සිතිය යුතුයි. තමන් ආරක්ෂා උනොත් තවත් ලක්ෂ ගණනක් ආරක්ෂා වේ. – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

තමන්ගේ ආරක්ෂාව ගැන නිතරම සිතිය යුතුයි. තමන් ආරක්ෂා උනොත් තවත් ලක්ෂ ගණනක් ආරක්ෂා වේ. – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අකුරට පිළිපදිමින් දැනට ආරම්භ කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතින් ඉදිරියට කරගෙන යන ලෙස මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින (2020-10-12) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමේදී මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

වැඩබිම් වලදී කොරෝනා වයිරසය පාලනය කිරිම පිණිස සෞඛ්‍ය බලධාරින් නියම කර ඇති පිළිවෙත් මුලින්ම අනුගමනය කල යුතු බවත් විෂබීජහරණය, මුව ආවරණ පැළදීම, විටින් විට අත් සේදීම හා සමාජ දුරස්ථභාවය තබා ගැනීමට සේවකයන් දැනුවත් කරන මෙන් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ගෙන් ඉල්ලීමක් කරන ලදී. වැඩබිම් හා කාර්යාල වලට සේවකයන් සේවයට කැදවන විට කැදවිය යුතු සේවක සංඛ්‍යාව කැදවිය යුත්තේ කුමන අංශයේ සේවකයන්ද යනවග සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කර ගෙන තීරණ කිරිමේ අයිතිය නිලධාරීන්ට පැවරෙන බවද ප්‍රකාශ කරන ලදී. තමන්ගේ ආරක්ෂාව ගැන නිතරම හිතිය යුතු බවත් තමන් ආරක්ෂා උනොත් තවත් ලක්ෂ ගණනක් ආරක්ෂා වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය .

ජනතා අවශ්‍යතාවය මත දැනට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කිලෝමීටර් ලක්ෂයක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය සහ අධිවේගී මාර්ග ඉදිකිරිම් ව්‍යාපෘතීන් වල ඉදිකිරිම් ඉදිරියට ගෙන යාම සදහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති ක්‍රමවේදයන්ට අනුව වැඩ කිරීමට තමන් යටතේ සේවය කරන සේවකයන් දැනුවත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මිනුවන්ගොඩ Brandix ඇගළුම් කර්මාන්ත ශාලාව කේන්ද්‍ර කර ගනිමින් සමාජගතවූ කොවිඩ් පොකුර පොකුර පාලන කිරිම සදහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය, සෞඛ්‍ය අංශය, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය මේ වන විටත් ජනතා ආරක්ෂාවට ගත යුතු සියළු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img