Thursday, September 3, 2026
HomeNEWSLatest Newsලොවම බිය කළ හැකි විශාල මිසයිලයක්

ලොවම බිය කළ හැකි විශාල මිසයිලයක්

ලොවම බිය කළ හැකි විශාල මිසයිලයක්

ඉතා විශාල අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එය අමෙරිකාවට සහ ලොව අනෙක් රටවලට තර්ජනයක් බවය.

උතුරු කොරියාවේ පාළක කම්කරු පක්ෂයේ 75වැනි සංවස්තරය නිමිත්තෙන් පැවති හමුදා පෙළපාලියේදී එම මිසයිලය ප්‍රදර්ශනය කෙරිණි.

මේ වනවිට උතුරු කොරියාව සතුව අත්හදා බැලීමට ලක් කළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දෙකක් තිබේ.

2014 දී දෙවරක් අත්හදා බැලූ හුවසෝන් -14 බැලස්ටික් මිසයිලය කිලෝ මීටර් 10,000ක් දුරට ඉලක්ක කළ හැකිය. ඊට බටහිර යුරෝපයේ බොහෝ කලාප සහ එක්සත් ජනපදයේ අර්ධයකට පහර දිය හැක.

2017 දී අත්හදා බැලූ හුවසෝන් -15 බැලස්ටික් මිසයිලය කිලෝ මීටර් 13,000ක් පමණ දුරක් ආවරණය කළ හැකිය. එමගින් එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයකට පහර දීමට හැකියාව ඇත.

නමුත් නව අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ඊට වඩා ප්‍රබල බව අවි ආයුධ පිළිබඳ විශේෂඥයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img