Saturday, November 14, 2026
HomeNEWSLatest Newsඉරාන තානාපති හමුව

ඉරාන තානාපති හමුව

ඉරාන තානාපති හමුව

ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට ඉරානයේ සහයෝගය
ශ්‍රී ලංකාවේ ඛනිජ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය පිණිස තාක්ෂණ දැනුම සහ සහයෝගය ලබා දීමට තම රජය සූදානම් බව මෙරට ඉරාන තානාපති හෂීම් අෂ්ජසාඬේ මහතා පවසයි.
අද (14) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමු වූ අවස්ථාවේ දී ඒ මහතා එසේ  පැවසීය. 
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස තාක්ෂණික සහයෝගය ලබා දීමට හැකි බවත් ඒ සඳහා ඉරාන රජය සහ ආයෝජකයන් සූදානමින් සිටින බවත් තානාපතිවරයා මෙම හමුවේ දී පැවසූ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි දී සඳහන් කළේ ඉරානය ලොව ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සැපයුම්කරුවකු ලෙස කැනීම් හා ඛනිජ ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්තයන්හි සුවිශාල දැනුම් සම්භාරයක් අත්පත් කරගෙන ඇති බැවින් මෙරට ඛනිජ ආශ්‍රිත කර්මාන්ත වැඩි දියුණු කිරීමට මැදිහත් වන ලෙස ය. එහි දී ඉරාන තානාපතිවරයා ඉහත අදහස් පළ කළේය. 
ඇමරිකා එක්සත් ජනපද සම්බාධක හමුවේ ඉරාන ජනතාව පත්ව ඇති අපහසුතා පිළිබඳව සිය කනගාටුව පළ කර සිටි විමල් වීරවංශ අමාත්‍යවරයා, එසේ තිබිය දී පවා ඉරානය සෑම දුෂ්කර අවස්ථාවකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව සිය කෘතඥතාව පළ කර සිටියේය. 
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අංශය හෝ පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව කර්මාන්ත ඇරඹීමේ ඉඩකඩ ඉරාන ආයෝජකයන්ට සලසා දිය හැකි බවත් ඒ සඳහා ඇරයුම් කර සිටින බවත් කර්මාන්ත අමාත්‍යවරයා විමල් වීවරංශ මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.  
ශ්‍රී ලංකාවට ආයෝජන රැගෙන විත් කර්මාන්ත ආරම්භ කිරීම, ඉන්දියාව, පාකිස්ථානය හා බංගලාදේශය වැනි රටවල් සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම් යටතේ සිදු කළ හැකි නම් එම ඉරාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ කර්මාන්තවල නිෂ්පාදන ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ ඉහත රටවලට අලෙවි කිරීමේ හැකියාව පවතින බවත් එසේ සිදුකොට ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට රුකුලක් වීමට තම රට සූදානම්  බවත් මෙහි දී ඉරාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල්

අධික වර්ෂාවෙන් හානි වූ මන්නාරමේ වී වගාකරුවන් 86 දෙනෙකුට රුපියල් මිලියන 3.6ක වන්දි මුදල් ප්‍රදානය කෙරේ. අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ජල ගැලීම්වලින් වී වගාවන්ට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img