Monday, October 26, 2026
HomeNEWSLatest Newsරජයේ ඉඩම් ගෙන බදු මගහරින සමාගම් වලට නඩු

රජයේ ඉඩම් ගෙන බදු මගහරින සමාගම් වලට නඩු

රජයේ ඉඩම් ගෙන බදු මගහරින සමාගම් වලට නඩු

දීර්ඝ කාලීන බදු පදනම මත ලබා ගෙන ඇති නැගෙනහිර පළාතේ ඉඩම් වල බදු පැහැර හරින සමාගම් සදහා නඩු පැවරීමට කටයුතු කරන බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. මේ නිසා රජයට විශාල මුදලක්  අහිමි වි ගොස් ඇති බවද ආණ්ඩුකාරවරිය කීවාය. 

විවිධ ක්‍රම යටතේ වාර්තා ඉදිරිපත් කරමින් පළාතේ ඉඩම් ලබාගෙන ඇති සමාගම් ඒවායේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකර රජයේ බදු ගෙවිම් ද පැහැර හරිමින් සිටින බව ඊයේ (15) පෙරවරුවේ පැවැත්වූ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදි හෙළි විය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවද නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 200ක් පමණ මෙසේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාගෙන රජයට අයවිය යුතු රුපියල් මිලියන 230ක බදු මුදලක් ගෙවීම පැහැර හරිමින් සිටින බවද මෙහිදි වාර්තා කෙරිණි. 

“ හැමදාම මේවා කරන්න දෙන්න බෑ. අපේ පළාතටයි මේ ආදායම අහිමි වෙන්නේ මේ පළාතේ සංවර්ධනයට යොදවන්න තියෙන මුදල් ටිකයි මේ අහිමි වෙනනේ. අපි හිග මුදල් ඉල්ලමු. එහෙම නැත්නම් ඒවා ගෙවන්නේ නැති ආයතන වලට නඩු දාමු. පළාතට වග කිව යුතු මිනිසුන් හැටියට අපිටත් වගකිමක් තියෙනවා මේ ගැන හොයලා බලන්න. පළාතේ වටිනා ඉඩම් ටික මෙහෙම දෙන්නේ ආයෝජනයක් වෙන්න ඕන නිසයි. ඒක සිද්ධ වෙන්නේ නැත්නම් අපි මේ ආයතන වලට විරුද්ධව නඩු දාමු යැයි”ද මෙහිදි ආණ්ඩුකාරවරිය කිවාය.

මේ අතර මහවැලි අධිකාරිය විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැලි කැණිම් සදහා ලබා දි ඇති බලපත්‍ර නිසා මහවැලි ගගට විශාල හානියක් සිදු වෙමින් පවතින බවද ආණ්ඩුකාරවරිය මෙහිදි කිවාය. මින් ඉදිරියට මහවැලි ගගේ වැළි කැණිම් සදහා කිසිදු බලපත්‍රයක් නිකුත් නොකරන ලෙසත් දැනට ලබාදි ඇති සියළු බලපත්‍ර පිළිබද වාර්තාවක් ඉදිරි සම්බන්ධීකරණ කමිටුවට ලබා දෙන ලෙසත් ආණ්ඩුකාරවරිය මහවැලි නිලධාරින්ට නියෝග කළාය.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තවුෆික්, ප්‍රධාන ලේකම් තුසිත පි. වනිගසිංහ, දිස්ත්‍රික් ලේකම් අසංක අබේවර්ධන, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක සහ ආරක්ෂක, අධ්‍යාපන, විදුලිබල, සෞඛ්‍ය, වාරිමාර්ග, කෘෂිකර්ම ඇතුළු බොහෝ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිළධාරින් පිරිසක්ද එක්ව සිටියහ.  

                                                                                               

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img