Monday, October 26, 2026
HomeNEWSLatest NewsWaterfront Integrated Resort නිවාස සංකීර්ණයේ පැවැති පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

Waterfront Integrated Resort නිවාස සංකීර්ණයේ පැවැති පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

Waterfront Integrated Resort නිවාස සංකීර්ණයේ පැවැති පිරිත් දේශනාව සඳහා අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය විසින් කොළඹ 12, ජස්ටිස් අක්බාර් වීදියේ ඉදි කරන ලද (Waterfront Integrated Resort) නිවාස සංකීර්ණයේ පැවති පිරිත් දේශනාව සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද 2020.10.15 දින එක්විය.

එම නිවාස සංකීර්ණයේ පළමු ගොඩනැගිල්ලේ මූලික වැඩ අවසන් කිරීමට සමඟාමීව මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීම සඳහා  මෙම පිරිත් දේශනාව සංවිධානය කර තිබිණි.

ගොඩනැගිලි 6කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ මූලික කටයුතු අවසන් කළ ගොඩනැගිල්ල  මහල් 33 කින් සමන්විතය. 

මහල් 47 කින් යුත් නිවාස සංකීර්ණ දෙකක්, සිනමාහල්, සාප්පු සංකීර්ණ හා ආපනශාලාවලින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සුඛෝපභෝගී  ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම්වලින් සැදුම්ලත්ය. 

ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පිරිත් සඡ්ඡායනාව සඳහා වැඩම කළහ.

මෙම අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, Waterfront Integrated Resort නිවාස සංකීර්ණයේ වාස්තු විද්‍යාඥ කිම් තේ හී මහත්වරු ඇතුළු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img