නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් සංගීත සැදෑවක්
මාලඹේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළ මේ වන විට ආසාදිතයින් 324ක් ප්‍රතිකාර සඳහා යොමු කර සිටී.
දැනට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සහ ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල් කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය උදෙසා රෝහලේ පාලන අධිකාරිය විසින් ඊයේ (15) සංගීත සැදෑවක් පවත්වා තිබේ.
ඒ සඳහා ප්‍රතිකාර ලබන රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය සතුටින් එක්ව සිටිනු “අද දෙරණ“ කැමරාවේ සනිටුහන් විය.
මේ අතර, කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මාලඹේ, නෙවිල් ප්‍රනාන්දු රෝහල තුළ මහල් තුනක් වෙන්කර ඇතැයි රෝහල් පරිපාලනය පවසයි.
එම මහල් තුන ඇඳන් 550කින් සමන්විත වේ.
කොවිඩ් ප්‍රතාකාර සේවාවන් ලබාදීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා කටයුතු කළේය.






















