Wednesday, September 2, 2026
HomeNEWSLatest Newsදේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට කර්මාන්ත ඇමතිගෙන් කමිටුවක්

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට කර්මාන්ත ඇමතිගෙන් කමිටුවක්

දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට 
කර්මාන්ත ඇමතිගෙන් කමිටුවක්

දේශීය ඖෂධ නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලබා දී ඔවුනට දෙස් – විදෙස් වෙළඳපොළ ජය ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය හා තාක්ෂණික සහයෝගය ලබා දිය හැකි කර්මාන්ත අමාත්‍යාංශයේ සහ ලංකා කාර්මික සංවර්ධන මණඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා ඇත. 
අද (19) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ඉල්ලීමක් අනුව පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගනු ලැබීය.
රටේ පවතින තත්වය සමග දේශීය වෛද්‍ය ක්‍රමය ගැන ජනතාවගේ උනන්දුවක් ඇති වී තිබෙන බවත්, දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කිරීමට එමගින් ඉඩක් විවරව ඇතත් ඒ සඳහා පවතින ගැටලු විසඳා ගැනීමේ අරමුණෙන් මෙම සාකච්ජාව පවත්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. දේශීය ඖෂධ නිෂ්පාදකයන් මේ වනවිට මුහුණපා ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ අමුද්‍රව්‍ය සපයා ගැනීම සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීම බව වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
දේශීයව සොයාගන්නා අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමිතියට සකසා ගැනීමට අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත්වන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්ත ආමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගෙන් ඉල්ලා සිටි අතර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට සිය උපරිම සහාය ඒ වෙනුවෙන් ලබාදිය හැකි බව පැමිණ සිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසීය.
සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් සංචාරක හෝටල් ආශ්‍රිතව දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමට  ඇති හැකියාව ද මෙහි දී සාකච්ජාවට බදුන් විය. දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට අවශ්‍ය වන ඇසුරුම් උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බලා හැකි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන ලෙසත් ඉදිරියේ දී පූර්ණ බලැති කමිටුවක් පත්කොට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසත් ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. 
මෙම සාකච්ජාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය  රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර, ඖෂධ නිෂ්පාදන උපදේශක සභාවේ සභාපති ශාලුක අතාවුද, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්ම මහත්මීහු  ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහතා (64) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.

ඉරානයට පහර දෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා, ඉරාන ඉලක්ක වෙත පහර දෙන බව අමෙරිකානු හමුදාව පවසයි. බන්ඩර් - අබ්බාස් හි නැගෙනහිරින් පිපිරීම් සිදු වූ බව ඉරාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img