Tuesday, April 28, 2026
HomeNEWSCOVID-19මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් දිස්ත්‍රික්ක 13කින් වාර්තා වෙනවා -වෛද්‍ය සමරවීර

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් දිස්ත්‍රික්ක 13කින් වාර්තා වෙනවා -වෛද්‍ය සමරවීර

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් දිස්ත්‍රික්ක 13කින් වාර්තා වෙනවා -වෛද්‍ය සමරවීර

කොවිඩ් 19 ආසාදිත රෝගීන් කිහිප දෙනෙක් ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ආ ගිය බවට තොරතුරු වාර්තාවීමත් සමග එම ස්ථානයේ පීසීආර් පරීක්ෂණ සිදුකළ බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

යම් ආකාරයකින් රෝග ව්‍යාප්තියක් සිදුවන්නේ දැයි සොයා බැලීම සඳහා එම පරීක්ෂණ සිදුකළ බවත් ඒ අනුව ඊයේ දිනය වන විට පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනා ගනු ලැබු බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“අපි මීට කලින් සොයා ගත් රෝගීන් කිහිපදෙනෙක්ම පෑලියගොඩ මාළු වෙළෙඳපොළය ආ ගිය බවට තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ඇතැන යම් ආකාරයකින් රෝග ව්‍යාප්තියක් සිදුවන්නේ දැයි හඳුනාගැනීම සඳහා තමයි පීසීආර් සිදුකළේ. එම පීසීආර් පරීක්ෂණ අද දවසේ තවත් පුළුල් කරා. එහි ප්‍රතිඵල අද හෝ හෙට ලැබේවි. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් එතැන කොපමණ ව්‍යාප්ත වෙලා තියෙනවා ද කියලා. එතැන දී වැදගත්ම දේ තමා මාළු මධ්‍යස්ථානයට රට පුරා සිටින වෙළෙඳුන් මාළු ගෙනනවා. ඒ වගේම එතැනින් මාළු අරගෙන ගොස් රට පුරාම අලෙවි කරනවා. ඒ නිසා යම් ආකාරයකින් ආසාදිත අය ඉන්නවා නම් ඔවුන් දිස්ත්‍රික්ක පුරා පැතිරෙන්න පුළුවන්. “

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසා සිටියේ, මිනුවන්ගොඩ ආසාදිතයින් වැඩිවශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවය.

“රෝගීන් අපිට වාර්තා වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් විශේෂයෙන්ම. නමුත් එතැනින් ඔබ්බට ගිහින් කුරුණෑගල, පුත්තලම, කෑගල්ල, නුවර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වව්නියාව, අනුරාධපුර, බදුල්ල, පොළොන්නරුව හා මොනරාගල වැනි දිස්ත්‍රික්ක 13 කින් අපිට වාර්තා වෙනවා. මාළු මධ්‍යස්ථානයේ රෝගීන් ව්‍යාප්තියත් සමග මේ රෝගය තවත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වීමේ ඉඩකඩ තියෙනවා.“

මේ වන විට සමස්ථයක් ලෙස මුළු දිවයින පුරා 425,000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද පැවසු වෛද්‍යවරයා, ඊයේ දිනය තුළ පමණක් පීසීආර් පරීක්ෂණ 8000ක් සිදුකළ බව ද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img