රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.
විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත (PPE) ඇඳුමකින් සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විශේෂිත අසුනක් ද පැනවීමට පියවර ගෙන තිබූ බව “අද දෙරණ“ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.






















