Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsපැල්පත් නිවාස 3000ක් වෙනුවට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් හැටන් ප්‍රදේශයට නව නිවාස ව්‍යාපෘතියක්

පැල්පත් නිවාස 3000ක් වෙනුවට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් හැටන් ප්‍රදේශයට නව නිවාස ව්‍යාපෘතියක්

පැල්පත් නිවාස 3000ක් වෙනුවට අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් හැටන් ප්‍රදේශයට නව නිවාස ව්‍යාපෘතියක් 

සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙරට ප්‍රධාන සහසම්බන්ධිත නගර සංචාරකයින් සඳහා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ 2020.10.21 දින ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙම හමුවේදී නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරකයින්ට සුදුසු සංචාරක පුරවරයක් බවට පත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු විය.

නුවරඑළිය නගරය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ග්‍රෙගරි වැව හා තුරඟ තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා අග්‍රමාත්‍යතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ඒ යටතේ නුවරඑළිය නගරය උපරිම සංවර්ධනයක් කරා රැගෙන ඒම, තුරඟ තරග නැවත ආරම්භ කරමින් නගරය ආශ්‍රිතව පවත්නා උද්‍යානවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, නුවර එළිය නගරය තුළ ක්‍රීඩා පහසුකම් වර්ධනය කිරීම, ප්‍රදේශයට ආවේනික සංවේදී පරිසර කලාප ආරක්ෂා කිරීම, කේබල් කාර් ව්‍යාපෘතිය සහ තේමා උද්‍යානයේ කටයුතු ආරම්භ කරමින් සංචාරක පහසුකම් උපරිම තත්ත්වයක් යටතේ සංවර්ධනය කිරීමට අග්‍රමාත්‍යතුමා මෙහිදී අදාළ අංශ දැනුවත් කළේය.

නුවරඑළිය නගරය ආශ්‍රිත මාර්ග සංවර්ධන වැඩකටයුතු අවසන් අදියරේ ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලීමකට අනුව හැටන් නගරයේ පිහිටා ඇති 3000කට අධික පැල්පත් නිවාස ඉන් ඉවත් කර එම පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව පැවසීය.

හැටන් නගර සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයත් යොමු වූ අතර හැටන් සිට තලවකැලේ, ශ්‍රීපාදය දක්වා වූ ප්‍රදේශය සංචාරක පහසුකම් වැඩි දියුණු කරමින් සංවර්ධන කිරීමට ද අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

මේ යටතේ කාසල්රී ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ද සංචාරකයින් සඳහා වැඩිදියුණු කරමින්, කොටගල ආශ්‍රිත තෙත් බිම් සංරක්ෂණය කඩිනම් කිරීමට ද නියමිතය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය සී.බී රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, නිමල් පියතිස්ස, එම්. රමේෂ්වරන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් සිරිනිමල් පෙරේරා හා  නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂක (නුවරඑළිය දිස්ත්‍රික්) රංජිත් බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img