Monday, September 7, 2026
HomeNEWSLatest News20ට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

20ට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

20ට පක්ෂව ඡන්දය දුන් ඩයනා ගමගේට එරෙහිව පක්ෂයෙන් විනය පරීක්ෂණයක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් නොවන බව සමගි  ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේ මහත්මිය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරිය,“ජනාධිපතිවරණ තියන්නේ මොකට ද? ජනාධිපතිවරයෙක් ගේන්න. රටේ ජනාධිපතිවරණයක් ගේන්නේ මොකට ද? එතුමාව ජනාධිපති කරලා අපි එතුමාගේ අත් දෙක බැදලා ගඟට විසික් කරලා තියෙනවා නම් අපි පීනන්න කියලා හරි ද? එතුමා ගිලෙනකල් අපි බලන් ඉන්නවා. ඊට පස්සේ අපි කියනවා ඔබ තුමා ගිලෙනවා කියලා. මොකද්ද මේකෙ විහිළුව. ජනාධිපතිවරයෙක් හැටියට රටක බලයක් තියෙන්න ඕනේ වැඩක් කරන්න. නැත්නම් නාමික ජනාධිපතිවරයෙක් මොකටද? ඕන පඹයෙක් ඉන්දවන්න පුළුවන්නේ නමක් දීලා. මම මේක කළේ රට ගැන හිතලා. මට ගෝඨාභය ජනාධිපතිවරයාව හොඳටම විශ්වාසයි. මට විශ්වාසයක් තියෙනවා එතුමා රට හදයි කියලා.“ යනුවෙන් පැවසුවාය.

කෙසේවෙතත් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ඒකාධිපතිවාදී ආරම්භයක් වගේම, ඒ වගේම වත්මන් ආණ්ඩුවේ අවසානයේ ආරම්භයත් සටහන් කළා. මේ රට ඒකාධිපතිවාදයට විරුද්ධයි. පවුලක් රජකරන්න, ඒ වගේම ඇමෙරිකන් පුරවැසියෙක් ගේන්න සම්මත කරපු පනතක් විදියට අපි මේක දකිනවා. ස්වාමින් වහන්සේලා මේ ව්‍යවස්ථා සංශෝධනය එපා කියන කොට බෞද්ධ ආණ්ඩුව කළේ, මුස්ලිම් අය අරන් ස්වාමීන් වහන්සේලාගේ වචනයට විරුද්ධ වුණා. හකීම් මන්ත්‍රීතුමත් රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රිතුමත් අපිත් එක්ක හිටියා. අනෙක් අය අනිත් පැත්තට ඡන්දය දුන්නා. මම හිතන්නේ මේ රටේ සුළු ජාතීන් එපා කියලා සිංහල බෞද්ධ ආණ්ඩුවක් පිහිටවපු අය ස්වාමීන් වහන්සේලා එපා කියද්දි 20 වන ව්‍යවස්ථා සංශෝධනය සුළු ජාතීන් එකතු කරගෙන ආණ්ඩුව මේක සම්මත කර ගත්තා. අනිවාර්යයෙන්ම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරියක් මේකට පක්ෂව ඡන්දය දීලා තියෙනවා. ඒක අපේ පක්ෂයේ තීන්දුවට විරුද්ධයි. ඒ වගේම මේ රටේ, 28 ලක්ෂයක් සමගි ජන බලවේගයට ඡන්දය දුන්න පාක්ෂිකයින්ට කරපු අවමානයක්. මේ මන්ත්‍රීවරිය අපි පත් කළේ කාන්තා නියෝජනයක් හැටියට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ට කළ නිග්‍රහයක් ලෙස දකින්නේ. අපි නීතිඥයින් සමග සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවන්නේ නොමැති බව ජනපති බුලත්සිංහල දී අවධාරණය කරයි

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසිදු හේතුවක් මත ආපසු හරවන්නේ නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද...

රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියලුම දෙනා එක් විය යුතුයි- එජාප නායක හිටපු ජනපති රනිල්

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම නිමිති කරගනිමින් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් වර්ෂ 1946 සැප්තැම්බර් 06 වැනිදා ඩී....

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාවට වැඩි අවධානයක්

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සම්මුතියට අත්සන් තැබූ රාජ්‍ය පාර්ශ්වයන්ගේ සමුළුව2026 අගෝස්තු 31 සිට සැප්තැම්බර් 4 දක්වාවියානාහි පැවැති එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී සංසදයේදී ශ්‍රී ලංකාව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img