Saturday, September 5, 2026
HomeNEWSLatest Newsපාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ප්‍රහාරයේ සැකකරුගේ වෑන් රථය

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් විසින් පවත්වාගෙන ගොස් තිබූ නුවරඑළිය පුහුණු කඳවුරකට පුද්ගලයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් පොලීසිය විසින් ඊයේ (22) සොයාගෙන තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලදී අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මුහම්මදු හනිෆා මුහම්මදු අක්‍රම් විසින් නුවරඑළිය පුහුණු කඳවුරට පුද්ගලයින් ප්‍රවාහනය  කළ වෑන් රථයක් බවට එය හඳුනාගෙන ඇත.

අක්කරේපත්තුව පොලිස් වසමේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ  පුද්ගලයෙකුට පසුගිය මාසයේ එම වෑන් රථය අලෙවිකර තිබියදී මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (22)  එම රථය සොයාගෙන කාත්තන්කුඩි පොලීසියට භාරදී තිබුණි.

මෙම වෑන් රථය නුවර ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක මාස තුනක කාලයක් තබා තිබුණ ද එය විකුණා දැමීමට නොහැකි වූ නිසා සැප්තැම්බර් මස  සමන්තුරේ ප්‍රදේශයේ වාහන අලෙවිකිරීමේ ස්ථානයක් වෙත ගෙනවිත් දමා ඇති බවට අනාවරණය වී තිබේ.

එහි තිබියදී සැප්තැම්බර් මස 04වන දා අදාළ රථය වර්තමාන හිමිකරු විසින් මිලදී ගෙන ඇති බව හෙළිවුණි.

මේ අතර පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිද්ධියට සම්බන්ධ සැකපිට පසුගිය අප්‍රේල් 25වන දින කාත්තන්කුඩි හීදී අත්අඩංගුවට පත් මුහම්මදු හනිෆා මුහම්මදු අක්‍රම් නමින් මිලදී ගෙන භාවිතා කරන ලද තවත් කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් ද රිස්වි නගරයේ  සඟවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබුණි.

ඒ, පසුගිය 16වන දින මඩකලපුව දිස්ත්‍රික්කයේ අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img