Tuesday, April 28, 2026
HomeNEWSරෝහලෙන් පැනගිය පුද්ගලයා මහල් නිවාස සංකීර්ණයක දී සොයාගනී

රෝහලෙන් පැනගිය පුද්ගලයා මහල් නිවාස සංකීර්ණයක දී සොයාගනී

රෝහලෙන් පැනගිය පුද්ගලයා මහල් නිවාස සංකීර්ණයක දී සොයාගනී

කොස්ගම, සාලාව රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයා බොරැල්ල ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක සිටිය දී සොයා ගෙන තිබේ.

අද උදෑසන එම පුද්ගලයා රෝහලේ පැන ගොස් තිබු අතර, ඔහු 26 හැවිරිදි සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සොයා සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව, බොරැල්ල ප්‍රදේශයේ සහස්පුර නිවාස සංකීර්ණයේ, 13 වන තට්ටුවේ නිවසක සිටිය දී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ වන විට අදාළ ස්ථානයට පොලීසිය හා සෞඛ්‍ය බලධාරීන් ගොස් ඇති අතර, ඔහු නැවත රෝහලගත කිරීමට කටයුතු කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

“විශේෂයෙන්ම මොහු නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත මෙන්ම ඊට අදාළ රෙගුලාසි යටතේ වරදක් කර තිබෙනවා. එනම් යම් පුද්ගලයෙකුට යම් ස්ථානයක රැඳී සිටීමට ප්‍රතිකාර කිරීමට නියෝග කර තිබිය දී එයින් පළායෑම ඒ අනුව ප්‍රතිකාර හා නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව ඔහුට විරුද්ධව නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ, නඩු පැවරීමට බලාපොරොත්තු වෙනවා. මේ පැනයෑම සම්බන්ධයෙන් කොස්ගම, ග්‍රෑන්ඩ්පාස් සහ බොරැල්ල පොලිස් ස්ථාන මඟින් මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර තියෙනවා. කෙසේ වෙතත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ රෝගය ආසාදනය වී ඇත්නම් එයින් සම්පූර්ණයෙන් ප්‍රතිකාර ලැබීමෙන් පසුව සහ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුවයි.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img