Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsවත්මන් කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

වත්මන් කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

වත්මන් කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි මට්ටමක නොවන නමුත් වත්මන් තත්ත්වයේදී සමාජය වඩාත් අවධානයෙන් ක්‍රියාකළ යුතු බව සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදුකරති.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ පරිශ්‍රයේ අද (23) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, “එක්කෙනෙක් දෙන්නෙක් හොඳටෝම ඇති මේක උඩුයටිකුරු කරලා අයහපත් තත්ත්වයකට හරවන්න,” යනුවෙනි.  

අදාළ මාධ්‍ය හමුව සඳහා එක්වසිටි, පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය සඳහන් කළේ “සෑම කර්මාන්ත ශාලාවක් සඳහාම කොවිඩ් වැළැක්වීම, සේවක සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීම සඳහා නිලධාරියෙකු වෙනම පත්කරන ලෙස කර්මාන්ත කළමනාකාරීත්වයට පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය අංශය නිර්දේශ කරලා තියෙනවා. අදාළ නිලධාරියාගේ නම, දුරකථන අංක ඇතුළු අනෙකුත් විස්තර කර්මාන්ත ශාලාව පිහිටා ඇති ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හරහා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. යම් රෝග ලක්ෂණ පෙන්නුම්කරන සේවක සේවිකාවක් සිටි නම් ඔවුන්ගේ විස්තර ලේඛනගත කරලා දෛනිකව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත යැවිය යුතුයි,”යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img