Wednesday, April 29, 2026
HomeNEWSඑක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දින පණිවිඩය

එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දින පණිවිඩය

එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සර දින පණිවිඩය

ලෝක සාමය හා ආරක්ෂාව තහවුරු කරන ප්‍රමුඛතම සංවිධානය ලෙස ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරමින් ජාත්‍යන්තර සහයෝගීතාවය සාක්ෂාත් කරන එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සරයට සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ ලෝක සාමය සහ ආරක්ෂාවේ අවශ්‍යතාවය  පිළිඹිබු කරමින් යෝජනාවන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නිල වශයෙන් බලාත්මක වූයේ 1945 ඔක්තෝබර් 24 දාය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය තරම් නීත්‍යානුකූලභාවය, බලය කැදවීම සහ ප්‍රමිතිගත බලපෑමක් සහිත වෙනත් ගෝලීය සංවිධානයක් ලොව නොමැතිතරම්ය. මෙම සංවිධානය ආරම්භ වී වසර දහයක් ගතවනවිට 1955 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රි ලංකාවට නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය හිමිවිය.

මෙසේ නිල සමාජිකත්වය හිමිවනවිටත් 1948 වසරේ පටන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රි ලංකාව සමග අනොන්‍ය සබඳතා ආරම්භ කර තිබිණි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුනෙස්කෝ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වනවිටත් ශ්‍රි ලංකාවේ කාර්යාල පිහිටුවමින් රටට අවශ්‍ය සාධනීය මැදිහත්වීම් කර තිබිණි. 

රටවල් 193ක්  සමාජිකත්වය දරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එදා මෙදා තුර ශ්‍රි ලංකාවට ලැබුණු දායකත්වය අති විශාලය. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය මට්ටම දියුණුකර ගැනීම, ආර්ථික, සමාජයීය දියුණුව, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. 

කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ මුළු ලෝකයටම වඩාත් ප්‍රබලව සිහිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක තිබෙන වැදගත්කමයි. මෙවැනි සංවිධානගතවීමක් නොමැති වුවා නම් අද ලෝකයටම නිවැරදි මාර්ගෝපදේශයන් නොලැබී යන්නට ඉඩ තිබිණි. ඒ අනුව ලෝකය සමග  සහයෝගයෙන් කටයුතු කරමින් අනාගත වසංගත තත්ත්වයන්ට හා ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට අද වැනි දිනක අප අදිටන් කර ගත යුතුය.

විශේෂයෙන් සුනාමි ව්‍යවසනයෙන් පසුවත්, දශක තුනක යුද්ධයෙන් පසු රට ගොඩනැගීමේ කාර්යටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුණු සහයෝගය මේ මොහොතේ මම කෘතවේදීව සිහිපත් කරමි.  එමෙන්ම ලෝක සාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන කැපකිරීම උදෙසා සාම සාධක හමුදා භට පිරිස් යොමුකරමින් ශ්‍රි ලංකාව සාමාජික රටක් ලෙස හැකි උපරිම දායකත්වය ලබා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 වසරේ සම්මත කරගත් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක 17ක් වෙත පිය නැගීමට මුළු ලෝකයම මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටී. 

පිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම, ආර්ථික දියුණුව හා සුරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීම, කර්මාන්ත, යටිතල පහසුකම් හා නවෝත්පාදනය දියුණු කිරීම, තිරසර නගර සහ ජනාවාස ඇති කිරීම, වගකීම් සහිත පරිභෝජනය හා නිෂ්පාදනය, දේශගුණ විපර්යාසවලට ක්‍රියාමාර්ග ගැනීම, සාගර සම්පත් හා ජලජ ජීවීන් සුරක්ෂිත කිරීම, ජෛව විවිධත්වය හා ජෛව පද්ධති සුරැකීම, සාමය ඇති කිරීම හා යුක්තිය හා සාධාරණය ඇති කරන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, දරිද්‍රතාව තුරන් කිරීම, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ යහපත් සෞඛ්‍ය හා සුබසාධනය ඒ අතර ප්‍රධාන වේ. ශ්‍රි ලංකාවද 2030 වසර වන විට මෙම තිරසර ඉලක්ක වෙත ළගාවීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

ඒ සඳහා වන සියලු දුෂ්කරතා මගහැරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දක්වා ශ්‍රි ලංකාවට දක්වන අනුග්‍රහයන් ඉදිරියටත් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img