නුගේගොඩ මහජන පොලේ මාළු වෙළෙඳාම් කළ දෙදෙනෙකුට කොවිඩ්
නුගේගොඩ මහජන පොලේ මාළු වෙළෙඳාම් කළ පුද්ගලයින් දෙදෙනෙකු කොවිඩ් -19 අසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ එහි වෙළෙඳාම් කටයුතු නවතා දැමීමට පියවර ගෙන තිබේ.
නුගේගොඩ මහජන පොලේ මාළු විකිණූ වෙළෙන්ඳන් දෙදෙනෙකු කොවිඩ් -19 අසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ එම පොළ භූමිය තාවකාලිකව වසාදැමීමට කෝට්ටේ මහනගර සභාවේ ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරී වෛද්ය මනෝජ් රොද්රිගෝ මහතා පියවර ගෙන ඇත.
ඒ අනුව එම ස්ථානය විෂබීජහරණයට ලක්කිරීමෙන් අනතුරු නැවත කඩිනමින් විවෘත කිරීමට පියවර ගන්නා බවද ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරීවරයා සඳහන් කළේය.






















