Monday, October 26, 2026
HomeNEWSCOVID-19කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ

කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද පස්වරුවේ

කොවිඩ් – 19 වෛරසය ආසාදිතව අද (24) උදෑසන මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

මෙරට 15 වැනි කොවිඩ් ආසාදිත මරණය ලෙස කුලියාපිටිය ඌරලිය කිතලව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක් අද ජීවිතක්ෂයට පත්විය.

එම පුද්ගලයා ඉකුත් 14 වැනිදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙනි.

පසුව ඉකුත් 16 වැනිදා ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අතර අද අලුයම ජීවිතක්ෂයට පත්වූ බව කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේය.

ඔහුගේ තුන්වැනි පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව කොවිඩ් වෛරසය ආසාදිතව සිට ඇතැයි තහවුරු වී තිබේ.

පෙරේදා පස්වරුවේ අංගොඩ අයි.ඩී.එච්.රෝහලේදී මියගිය කුලියාපිටිය පදිංචි කාන්තාව කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අවස්ථාව වනවිට අද මියගිය පුද්ගලයා එහි ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද වනවිට මෙරටින් වාර්තා වූ  සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img