Monday, October 26, 2026
HomeNEWSCOVID-19තවත් වෛද්‍යවරයෙක්ට කොවිඩ්

තවත් වෛද්‍යවරයෙක්ට කොවිඩ්

තවත් වෛද්‍යවරයෙක්ට කොවිඩ්

රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.

කැලණිය ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයට පැමිණ තිබීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ආසාදිතයෙකු බව හඳුනාගැනුණි.

මාතර වැලිගම ප්‍රදේශයෙන් හඳුනාගෙත් කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ සහායකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඒ බව හඳුනාගැනුණු අතර ඔවුන් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කටයුතුවල නිරත වූ රත්නපුර මාදම්පේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් මාදම්පේ නගරයේ මාළු වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළුව සියලූම වෙළෙඳසැල් වසා දැමීමට ගොඩකවෙළ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ.

රත්නපුර මුවගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් වෙළෙඳුන් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු විය.

ඔවුන් රත්නපුර කරන්ගොඩ, මල්වල සහ කිරිඇල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර රාත්‍රියේම ඔවුන්ව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img