Thursday, October 29, 2026
HomeNEWSCOVID-19කොවිඩ් - 19 අවධානමට මුහුණදීමට නැගෙනහිර පළාත සූදානම් කෙරේ.

කොවිඩ් – 19 අවධානමට මුහුණදීමට නැගෙනහිර පළාත සූදානම් කෙරේ.

කොවිඩ් – 19 අවධානමට මුහුණදීමට නැගෙනහිර පළාත සූදානම් කෙරේ.


නැගෙනහිර පළාතේ කොවිඩ් – 19 අවදානමට ලක්වීමට ඉඩ ඇති වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ නිළධාරින් සහ රජයේ නිලධාරින් නිරෝධායනය සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා අවශ්‍ය මධ්‍යස්ථාන සූදානම් කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරින්ට නියෝග කළාය.

ඒ සදහා පළාත් සභාව යටතේ පවතින පුහුණු මධ්‍යස්ථන, දැනට භාවිතයට නොගන්නා නිලනිවාස සහ සංචාරක බංගලා භාවිතයට ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය කිවාය.

ඊට අමතරව පළාතේ රජයේ කාර්යාලය සේවකයින් සදහා හැකිතාක් දුරට ප්‍රවාහන පහසුකම් සපයා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පළාතක් ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගැනිම සදහා වන විශේෂ සාකච්ඡාවක් සදුදා (26) පස්වරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

මේ සදහා පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පළාතේ සියළු අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව සිටියහ. එහිදි  ආණ්ඩුකාරවරිය අවධාරණය කළේ යුරෝපා රටවල මෙම තත්වය පාලනය කර ගැනිමට නොහැකි වුයේ කොවිඩ් – 19 වෛරසය සෞඛ්‍ය නිළධාරින්ට වැළදිමට පටන් ගත් නිසා බවය.

එම නිසා අපේ රටේ සෞඛ්‍ය කාර්යය මණ්ඩල හැකි තරම් ආරක්ෂා කර ගත යුතු බවත් පළාතක් ලෙස ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් ලබාදිමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාවරිය පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට නියෝග කළාය. මේ අතර පළාතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති බාධාවකින් තොරව සිදු කර ගෙන යාමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් ලේකම්වරුන් හමුවේ වැඩිදුරටත් කියා සිටියාය.

                                                                                                  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හෙට(30) වැඩ වර්ජනයක

ආචාර්ය සහ සම්පත් හිඟය, අධික වැඩ බර ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන, හෙට (30) රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ එක්දින වැඩ වර්ජනයක්: විශ්ව විද්‍යාල ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img